SIRI DHAMMA

**සියලු යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් අතහැරීමක් කිසි ලෙසකින් බුද්ධ දේශණාවෙහි සඳහන් නොවන අතර, සම්බන්ධයක් ඇති කරන, බවට බැඳ තබන, බලාපොරොත්තුවක් බිහිකරන සියලු අයිතිවාසිකම් යුතුකම් හා වගකීම් පමණක් අත්හැර මිදී නිදහස් විය යුතු බව පෙන්වා දෙයි. බලාපොරොත්තුවක් සම්බන්ධයක් බිහිකරයි නම්, ඒ අවිද්‍යාව හේතුකොට ගෙනම ඇති වූවකි. බලාපොරොත්තුවක්, සම්බන්ධතාවයක් ඇති නොකරයි නම් එය කුසල මූලයෙන් බිහි වූවකි. හේතුඵල දහම ගැන, චිත්ත ශක්තිය ගැන “සං” එකතු කිරීම ගැන, යථාවබෝධයක් ලැබීමෙන් ම කුසල මූල හා අවිද්‍යා මූල සංඛාර තෝරා බේරා ගැනීමට හැකියාව ලැබෙයි. විපස්සනා කළ යුත්තේ මේ දෙක තෝරා බේරා ගෙන කටයුතු කිරීමටයි. පුරුදු පුහුණු විය යුත්තේ මේ වෙන්කොට දැකීම සඳහාමය. ලෝකයට, ලෝකයාට, මගේ අයට, අපේ අයට, අපේ දේවලට, අපේ තැන් වලට මම සම්බන්ධ වී, ඒවාට බැඳී ඒවාම අල්ලාගෙන, ඒවා මගේ කරගන්නට, අපේ කරගන්නට දරණ උත්සාහය නිසා මම ම නේද මේ සම්බන්ධය ඇති කර ගන්නෙත් යන සත්‍යය දැක ගන්නට උත්සාහ ගත යුතුයි. මම ම කල්පනා කර මේවායින් මිදිය යුතුය යන සිතුවිල්ල පහළ කරගත යුතුයි. මෙය යථාවබෝධයෙන් දැක ගතහොත් එය සංමා දිට්ඨිය ලැබීමයි. “සං” වලින් පූර්ණ ලෙස මිදීමට අවශ්‍ය බව දැකීමයි. ️යම් කෙනෙකු තමා තමාටම ඉටුකරගත යුතු යුතුකම් හා වගකීම් සම්පූර්ණ කරගත් පසුව, කළ්‍යාණ මිත්‍රයෙකු ලෙස පොදුවේ ලෝක සත්ත්වයාටම ඉටු කළයුතු යුතුකම් හා වගකීම් කොටසක් ඇති බව දැක, ඉතිරි මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් ගත කිරීම අරිය උත්තමයින්ගේ සිරිතය. මෙය අරිය විහරණයෙහි යෙදීම යනුවෙන් හඳුන්වයි……*

_-🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ_

*බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ “භාවනාව” යනු කුමක්ද ?*

*🏵️ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් “මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී” සිදු කරනු ලබන  විශේෂ මාසික සත් දින “බුද්ධ භාවනා” වැඩසටහන් සඳහා ඔබටත් සහභාගී විය හැක.*